Friday, September 14, 2012

බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.


මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ඉරි ගසා ඇති කොටස් හොඳින් කියවන්න.


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, මා මිත්‍ර දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]


ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.


දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම. ජන්බුද්වීප කතාවට මූලාශ්‍ර වුණේත් අපේ රාවණාවාදයම නිසා මා හට ඒ ගැනත් කතා කරන්න අයිතියක් තියෙනවනෙ. ඒ වගේම වර්ගපූර්ණිකාවේ අරමුණ කුමක්ද කියල මෙච්චර ඇස් පනාපිටම පෙනෙද්දීත් ඒකවත් තේරෙන්නෙ නැතිව අනේ "ඇයි මේ බුද්ධාගමට අපහාස කරන්නේ" කියල අහන උදවියගේ කොමෙන්‍ටුනම් අනුමත කරන්නවත් අපනම් වෙහෙස මහන්සි වෙන්නෙ නෑ කියලත් කියන්න ඕනැ. ප්‍රතිදීප්ත පහන් තවත් තිබෙනවනම් අපේ හිතවත් ජන්බුද්වීපවාදීන් ගාවට ගිහින් වර්ගපූර්ණිකාව බ්ලොග් එක ගැන අහල බලන්න...

98 comments:

  1. තරමක් සිතා බැලිය යුතු සංකීර්ණ තර්කයකි...
    ජය ශ්‍රී!!!!!!

    ReplyDelete
    Replies
    1. තරියා අබේ - තරමක් සිතා බැලිය යුතු ඒකක් නම් නෙමේ මෙක මේ ලියලා තියේන්නේ මන්ද මානසිකත්වයකින් පෙලෙන කෙනෙක් විය යුතුයි මන්ද යත් මේවගේ මත ගොඩනගාගෙන් යන මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ කියන එවුනුයි මේවට ලුණු ඇබුල් එකතුකරන මීහරක්ට කියන්න තියෙන්නේ බුදුන්වහන්සේ විසින් දෙශනාකොට වදාල දේ විකෘති කරන්නැතිව උන්වහන්සේ විසින් දේශනාකොට වදාල ධර්මයට අනුව ජිවිතය ගොඩනාගාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ......

      Delete
    2. විනෝදාස්වාදය සපයන බ්ලොග් එකක් විදියට, ගොඩක් හොද ලිපියක්. :D

      Delete
    3. මීවනය,

      මේ අඩවියේ මගේ සැරි සැරීමේ කාලය ඉකුත් වේ ගෙන යන බව පෙනේ. මා ආ කාර්යය නිම වූ බවක් පෙනේ. පළමු අදියරය LCN එකෙන්ද, ඊ ළඟ අදියරය වර්ගපූර්ණිකාවෙන් ද දියත් විය. මන්තර ජප කරන්නේ ආතුරයාටවත් පරිවාර ජනයාටවත් නොවන බව ඔබ දනී. තුන් වන අදියරක් දේව නීතිය තුල නැත. ඒ කුමක් දැයි යථා කාලයේදී එළි දකිනු ඇත. මම සූරිය ගුණසේකරගෙන් ඇසුවේ බුදු දහම ආදී බාහිර දේවල් සිංහලයන්ගෙ උරුමයට බැඳුනේ කෙසේද කියාය? එසේම, මම ඔබගෙන් ඒ පැනය ම අසමි.

      "බුදුන්වහන්සේ විසින් දෙශනාකොට වදාල දේ විකෘති කරන් නැතිව උන්වහන්සේ විසින් දේශනාකොට වදාල ධර්මය" පිළිබඳ මා නැගූ ප්‍රතිචාරය වාරණය වී ඇත. ආටානාටිය සුත්‍රය ඔය කියන දහමේ කොටසක් වුවද, එය දෙසුවේ බුදුන් නොවේ යයි බෞද්ධයන් පිළි ගනිති. මා ඇසූ වාරණ පැනය, දැනුමේ හිමි කරු සොයන හොඳම ක්‍රමයයි.

      "... මේ ලියලා තියේන්නේ මන්ද මානසිකත්වයකින් පෙලෙන කෙනෙක් විය යුතුයි. මන්ද යත් මේවගේ මත ගොඩනගා ගෙන යන මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ කියන එවුනුයි, මේවට ලුණු ඇබුල් එකතු කරන මීහරක්ට..." උපුටනයට අනුව බෞද්ධයන්ට බැනීමේ ඒකාධිපති අයිතිය තිබේ දැයි ඇසිය යුතුය. සැබැවින්ම, දහමෙන් අඩක් ඒ මතය නොපිළිගත් අයට කරන පරුෂ නින්දා සහගත අවලාදය. වසලයන්, සක්කිලියන් වැනි නව අරුත් දුන් වචන බොහෝය. මම ඒ වචන යොදන එක වැරදිය. ඔවුන් නිවැරදි වූයේ කෙසේද? කිතු දහම නොඅදහන එවුන් evil හා devil යන වචන වලින් ලියා ඇති බව මගේ දෑසෙන් දැක ඇත. මුස්ලිමුන් උන්ගේ ආගම නොඅදහන එවුන් නැසීම දෙවියන්ගෙ අණ ඉටු කිරීමකි යි කියති.

      දෙවියන් අදහන, දෙවියන්ට බිලි පුදන, හින්දූන්ට දේව පානයක් ලෙස ගව මුත්‍ර බීමට සිදු වුනේ දේව උදහස නිසා යයි කීවෙමි. ලෝකයේ උතුම්ම දැනුම හිමියන් හිඟමන් යැදීමද අරුමයකි. දෙවියන් අදහන කිතුණුවන් දේවා පූජාවක් ලෙස තම ආගමේ නායකයාගේ මස් බුදීමත් ලේ පානයත් කරන්නේ ඇයි? දෙවියන් වෙනුවෙන් දිවි පුදන මුස්ලිමුන්, එකිනෙකා ඇන කොටාගෙන ලේ විලක දිවි ගෙවන්නේ ඇයි? රාවණා භක්තිකයන් ගැන කීම නුසුදුසු යයි සිතමි.

      මම පහල කලින් ලියූ "ජීවිතය ගිනි දළුවක් වැනිය" යන කතාව තහවුරු කරමින් වැදගත් කාරණයක් ලියමි. දළුවක් යනු අඟනා සිංහල වචනයකි. දළුවක් ද බීජයක් මෙන් නව ජීවිතයක් බිහි කරනවා නේද? ප්‍රාථමික යුගයේ, පොල් තෙලේ බලේ සොයා ගත් සිංහලයන් පන්දමෙන් එළිය දැකීමට පෙර අඳුර නැසුවේ ගිනි දළුවෙනි. ගිනි දළුවකට හුළු අත්තක් අල්ලා අළුත් ගින්නක් බිහි කල හැකි නිසා ඊට දළුවක් කීම නිවැරදිය. ජීවිතය රැකගැනීම මෙන්ම එළිය දෙන ගිනි දළුවක් රැකීමද නිරන්තර උත්සාහය ඇවැසි භාර දූර කාර්යයකි. එහෙත් ගිනි දළුවත් ජීවිතයත් අතර සම බවක් කියන එක්තරා අනඟි ලක්ෂණයක් ඇත. එය කුමක් දැයි ජීවිතය නිවීමට වෙර දරන බෞද්ධයන්ට අභියෝග කරමින් මෙය නවතමි.

      මම ඔබට ශ්‍රී රාවණ සිද්ධම් යයි නොකියන්නේ එය දෙමළ වහරින් කියූ වැකියක් නිසාය. කලක් ලැබුනොත් තව ලියමි.

      Delete
    4. හිතවත් ඇනෝ, ඔබතුමාගේ එම ප්‍රතිචාරය පළ කලානම්, බොහෝ බෞද්ධ උදවිය මෙම අඩවියට විරුද්ධව එරෙහි වීමට ඉඩ තිබුණ බව සිතුවෙමි. අපට විරුද්ධ රාවණවිරෝධීන්ට කීමට දෙයක් නොමැති කළ කොමෙට්නු වල හෝ එල්ලී වර්ගපූර්ණිකාවට මඩ ගැසීමට උත්සාහ දරන වගක් පසුගිය කාලයේදී පෙනුන නිසා කොමෙන්‍ටු ගැනත් දැඩි ලෙස සිතා බැලීමට සිදුවී ඇත. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට මා හට සිදුවී ඇති බව ඔබතුමාට වැටහෙනවා ඇති. කොමෙට්නුව වාරණය කිරීමෙන් ඔබතුමා යම් අපහසුතාවයකට පත් වීනම් ඒ ගැන මාගේ කණගා‍ටුව පළ කරමි. කෙසේ නමුත් ඔබතුමාගේ අදහස් බ්ලොග් අවකාශයට අවශ්‍ය වෙන අතරම, අතීත හෙළයින්ගේ තාක්ෂණ දියුණුවේ තරම නොදන්නා රාචි, තික්න් ට්වයිස්, ඉරා අඳුරු පට ආදීන්ගේ නුවණැස වර්ධනය කිරීමට වැදගත් වෙන වන බව මා දැඩි ලෙසම විශ්වාස කරමි.

      Delete
    5. හිතවත් මීවන,

      ඔබ කියන දේ දනිමි. මා කී දෙය ඇත්ත නැත්තෙන් වෙන් කර ගැනීමට හෙවත් රහත් වීමට අත්‍යාවශ්‍යය. එසේම අනුන් කියන වචන උපුටාගෙන මගේ ලෙස ලියන්නේ, උන් ලියූ වචන වල නිරස පෙන්වීමටය.

      මම කරන දේ ගැනද මම සිතුවෙමි. එය සුදුසු නොවුනද මා කැමති දෙයක් කිරීම නැවතිය නොහැකි නිසා, එය ඔබ මගින් වූ බව දකිමි. මෙය මට අරුමයක් නොවේ. මම එය ඔබ කල දෙයක් ලෙස නොදකින්නේ, මා කී දෙය විභාගයට පෙර උත්තර කීමක් වූ නිසාය.

      මායා වරුන් අළුත් ආරම්භයක් එන බව කියති. එය සැබැවි. දැන් පවතින ලෝකය ජය පැරදුම නමැති විභාගය මුල් කොට සැදුනු ලොවකි. ජය ගත්තෝ ඊ ළඟ වටයට යති. පරාජිතයෝ වැනසෙති. මේ ලෝකය කෘතීම දෙයක් බව සිංහලයන් හා අනෙකුත් ජාතීන් සැසඳූ විට පෙනේ. සිංහලයන්ට විශේෂ අනුග්‍රහයක් ඇති බව පැහැදිළිය. මම සිංහලෙන් ලිවීමෙන් කරන්නේ එවැන්නක් බව දුටිමි. එය සුදුසුද? විභාගයට හොරෙන් ලියා සමත් වූ විට අද සිටින සිංහලයන් හා සමය. සහතික (පැවැත්ම) ඇත. වැඩ බැරිය. මෙය අද පටන් වෙනස් වනු ඇත.

      ඔබේ සිතීම නිවැරදිය. එහෙත් පසු බෑම පරාජයකි. කලයුතු වන්නේ මැකීමට වඩා උන්ගේ මතය කීමට ඉඩ දීමය. එය සැබැවින් උන්ට කරන යහපතකි. ගැටීම හානියට මෙන්ම ලැබීමටද හේතු වේ. මිනිස්කම ප්‍රතික්ෂේප කරන උන් පරාජිතයන්ය. දේව කෝපයට ලක් වූ බව උන්ගේ හැසිරීමෙන් නොපෙනේද? මුලාවීම නිසා නැසීම නුසුදුසු වන්නේ දරු විය අනුන් මත යැපෙන නිසා, මුලාව ජන්ම උරුමයක් වීම නිසාය. උන් ගලවා ගැනීම අපේ වගකීමකි. අපද පෙර දින මුලා වූවන් නොවෙමුද?

      මනසට දැනුම දෙන, මනසින් දැනුම මකන බාහිර ක්‍රියා දාමයක් ඇති බව ඉපැරණි සිංහල දැනුමේ ඇත. සැබැවින්ම රාවන, රා (ray) එන යයි කියනුයේ එම අරුතිනි. කලින් කී ලෙස, ඉරුට උපමා කිරීම නිසා, එයද කනාට කිරේ පාට කීවා වැනි වී ගිලිහී ඇත. නොඑසේ නම් තිරිසනුන්ට එතරම් දියුණු සිරුරු අහිමිය. ආදි සිංහල තාක්ෂණය අද වන විට සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙ මනසින් මැකුවේ උන්ගේ යහපතටය. ඒ අළුත් රෙදී ඇඳීමට පරණ රෙදි උනා දැමීම වැනිය. නව ආරම්භයත් සමඟ එන දැනුම, ඊට වඩා අති ප්‍රබලය. දැන් අනාගතයට මුහුණ දෙන කාලයයි. එනම් ක්‍රියාවෙන් පෙන්වන කාලයයි. ආදි සිංහල දැනුම අවශ්‍ය වන්නේ අනාගතය ඉදිකරන්නන්ටය.

      රාචි, තික්න් ට්වයිස්, ඉරා අඳුරු පට වැන්නන් පරාජිතයන්ගේ වල පතුලේ සිටිනවුන්ය. මම පාං කතාව කී විට උන් සිතුවේ මම පාන් ගැන කියනවා කියාය. සැබැවින්ම මම කීවේ, අභ්‍යවකාශය පිළිබඳ පරම අභියෝගය වන ඉර හඳ වැනි ආධාරක නොමැතිව ජීවත්වීම සොයාගත්තකු ලෙස සියලු ඇවැසි දෑ දන්න බවය. බටහිරුන්ද කෘතීම ඉරක් හදන බව දනිමි. එය නිශ්ඵල මෙන්ම අස්වාභාවික උත්සාහයකි. පෙර කී අනාවැකි සැබෑ වන විට, නව ආරම්භයක් එනු ඇත. මිනිසුන් බිහිකල නියම හේතුව ඒ තුලින් පෙනෙනු ඇත. මුලා වූවන් ගලවා ගැනීමට ඔබ කරන උත්සාහයට හැකි පමණින් දායක වෙමි. ඉදිරිය පෙනෙන විට තම දරුවන් රැකීමට දෙමව්පියන් දන්න හැම දේම කරන බව අපි දනිමු.

      Delete
  2. අහෝ.... මේ අතීත සත්‍යයන් වැලලී යා නොදී අප හට පහදා දුන්/දෙන මෙවන් පින්වත් නැණවතුන් වෙනස පින්වත් භූමියක උපත ලබන්නට මා පෙර ආත්මයේ කෙතරම් පින් රැස් කරන්නට ඇද්ද!

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම සුදු පූසෝ.

      බටහිර ඕස්ට්‍රේලියාවේ මූද යටට වන්දනාවේ යන ආකාරය ඊළඟ ලිපියකින් ලියන්න ඕනැ. අවම ගුවන් ගමන් ගාස්තු සහ වන්දනාවේ ගොස් නැවතීම සඳහා සුදුසු හෝටල් ආදිය හුදී ජනතාව වෙනුවෙන් ගෙන හැර පෑම අපගේ වගකීමක්නේ.

      Delete
  3. 1912 අප්‍රේල් මස 15 දින දක්වා ඕස්ට්‍රේලියානු භූමියට අයත්ව තිබූ මෙම ප්‍රදේශය උතුරු අත්ලාන්තික මුහුදේදී ටයිටැනික් නැව හා ගැටුනු අයිස් පරුවතය දියවී යාමත් සමග මුහුදු මට්ටම පොලොව මට්ටම් වීම නිසා ලොවට අහිමි විය.ඒ නිසා මුහුද යට බෝගස් වැවුනාද? යනාදී ප්‍රශ්න වලංගු භාවයෙන් තොරය,වැඩි විස්තර සදහා සෙල් ලිපි කියවන්න
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ උන්නාන්සේගේ පැහැදිලි කිරීම් වලට නොදෙවැනි වටිනා පැහැදිළි කිරීමකි.
      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  4. ජයේ මේ හාමුදුරුවෝ බොරුවක් කලේ කියලපිලිඅරගත්ත බන් ප්‍රසිද්දියේම. දැන් මාස ගානකටත් කලින් පත්තර වලත් ගියා. නඩුවකුත් ගියාද මන්ද

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඉහත ලිපියේ අගට විස්තරයක් දැම්ම. යම් මූලාශ්‍ර වෙතොත් දක්වන්න.

      Delete
    2. මීවනයනි,

      මීවනපලානේ ජයරත්න යන සිංහල නමක් වගේ පෙනෙන නම ඇත්තා ඉපදුනේ කොහිද? සිදට් වැනි හින්දු නමක් ඇත්තකු උපදින්නේ කොහිද? බුධ යනු විවිධ නාම සමගද යන (අහුබුධ), ජ්‍යෝතිෂයටද බැඳි සිංහල නමකි. එවැන්නකු උපදින්නේ කොහිද? රටින් රට යන සංක්‍රමණිකයන් සැම විටම පරණ නම් හැර අළුත් රටේ නම් ගන්න නිසා නොසලකා මෙයට පිළිතුරු දෙන්න.

      දියසෙන් මහේන්ද්‍ර, දියසේන හා මහේන්ද්‍ර ලෙස නම් දෙකක් වන සේ, සිදට් ගෝතම යනු සිදට් හා ගෝතම යන නම් දෙකක් විය යුතුය. එක නමක් සිංහලද අනෙක හින්දු ද වේ.

      නිවන් මිරිඟුව ලුහු බඳින්නෙකු වුවද මේ උන්නාන්සේගේ මුවින් පිටවන වදන් සැබෑය. මේ දිනවල ඌරගේ මස් උගේ පිටේ තබා කැපීමට දෙවියන් පෙළඹී ඇති බව අප වටා දසතින් පෙනේ.

      මට ද ඒ උන්නාන්සේ උසාවියට ගෙන ගොස් දමා ඇති නඩුවට සම්බන්ධ වීමට අවශ්‍යයය. ළඟදී එම නඩුව කල් තැබීම ගැන වාර්තාවක් පුවත්පතක දුටිමි. ඔහුගේ සහායට සාක්ෂි සැපයීමට මම කැමතිය. සිදට් බුධකු නොවන බවත්, මනුට පසු බිහි වූ 28 වන නායකයා වූ ගෝතම ගේ නමට ඈඳා හොරෙන් උරුමය මැව්වෙකු බවත් ඔප්පු කිරීමට සාධක එමටය. ඒ ගැන දන්වන්න.

      මා ලියන දෑ උපුටා සාක්ෂි ලෙස දමනවාට මම විරුද්ධ නැත. ඇත්ත නැත්ත වෙන් කර, දෙමළා ඇටවූ ජීවත්වීම නැවැත්වීම තොණ්ඩුව ගලවා දැමීමට සහාය වන ලෙස ඉල්ලමි.

      සුද්දාගේ නීතිය මේ නඩුවට අදාළ වූයේ කෙසේදැයි දැන ගැනීමටද අවශ්‍යය.

      Delete
  5. Mevana mahattayo
    Ape aya bottu walin ho gala australia paninne oka denagenada koheda

    ReplyDelete
  6. මා කියවූ කුමක් හෝ පුවතක කලෙක ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හා බද්ද වී තිබුණු බව සඳහන් වී තිබුණා මතකයි.

    ReplyDelete
  7. මීවනපලානටම රත්නයක් වැනිවූ ජයරත්නය,
    මිට පෙර සපමිනියද කිසිවක් නොලීමි..
    ඔබගේ මේ බ්ලොග් ගඩොල දැකීමෙන් මා පින්කර ඇති වග හැගින.
    හෙලුවන්ගේ චිරස්ථිතිය උදෙසා මේ කරන මහගු කාර්යය දැක මසිත ඛණික ප්‍රීතිය, ඛුද්දක ප්‍රීතිය, උද්වේගික ප්‍රීතිය, ඔක්‌කන්තික ප්‍රීතිය, ඵරණ ප්‍රීතිය ආදීවූ පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේය.
    නුදුරු අනාගතයේ බුදුන් උපන් දේශය වන්දනා කර අප රාවන මහරජුන් දැක නිවන් දකිනට ලැබේවායි චිත්තප්රිතියෙන් යුක්තව ප්‍රර්ථනා කරමි.

    ReplyDelete
  8. බුදුන් වහන්සේ ඉපදුන තැන වැඩක්‌ නෑ බං, දේශනා කරපු ධර්මයයි වැදගත් වෙන්නේ. ඔය කැමති එකෙක් කැමති දිහාවක කියාගත්තාවේ, ලංකාවේ, ඉන්දියාවේ,ඕස්ට්‍රේලියාවේ ටබැරි නම්, ඇමෙරිකාවේ හරි කමන්නෑ. කොහේ ඉපදුනත් දේශනා කරපු ධර්මය හැමෝටම පොදුයි. එහෙ ඉපදුනා මෙහෙ ඉපදුනා කියල මරාගත්තා කියල ඇති වැඩක නෑ.

    ඔන්න ඔහේ ඕවා අතෑරපන් බං, මේක බලපන්
    මනෝකාය රාවණා යුගයට

    ReplyDelete
    Replies
    1. හරියට හරි

      Delete
    2. එල එල..හිනා වෙල බඩත් රිදෙනවා...අර පුසො මතුරපු එක තව ටිකක් විස්තර කරා නම් මරු....
      "හෑ............ හනුමා කයිද රොස් පාන්, රාවණා රිමෝට් ඒකෙන් අස්වයා ඔෆ් කරා. අස්වයා නැති උනා. මේක ඉන්ස්ටන්ට් ඉලෙක්ට්‍රොනික් අස්වයෙක් නේ, ඒ උනාට ඇත්තම එකෙක් වගේ. මාර තාක්සනේ ඈ........."
      එක සිරා පාර...

      Delete
    3. රාචි කියන දේ තමයි බොහෝ රාවණාවිරෝධීන්ගේ අදහස. නමුත් අපගේ රාවණපාක්ෂිකයින් මෙවැන්නක් ලේසියෙන් අත හරින්නේ නෑ කියල දන්නවනෙ. ඉතින් ඔය කාරණා නිසා බුකියේ වාද විවාද කියවීමෙන් මේ ගැන හෙළුවෙන් වනන්න තීරණය කළා.

      Delete
  9. හිතමිතුරු මීවනයෙනි... ඔබගේ මෙම ලිපිය දුටු මා හට මාගේ එක් අක්ෂියකින් කඳුළු ධාරාවන් ගලා යන ආකාරය දැණුනි...එතරම්ම උසස් ලිපියෙකැ මෙය.කාලීන වශයෙන් මෙහි ඇති වැදගත්කම මෙතෙකැයි කියා නිම කල නොහේ... පර ඉන්දියානු සක්කිලි රාම පරපුරේ වෛශ්‍යා දුවණියක වූ ජෛය්‍යලාලිතා විසින් අපගේ සැදැහැවත් වන්දනාකාමී ජනී ජනයාහට කෙණෙහිලිකම් කරමින් ඇති මෙවන් මොහොතක... මෙහි ඇති වටිනාකම කෙතෙක්දැයි කිව හැකිද..? ඉඳින් මෙයින් මත්තට අපට තව දුරටත් දුර්ජන රාමාගේ රටේ සංචාරය කිරීමට ඇවසි නොවේ...

    එපමණක්ද..? නැත තවත් කාරණා ඇත...

    අතීතයේ අප මහා රාවණයන් විසින් නිර්මිත විශීෂ්ඨ ගුවන් සේවයක් වූ "එයාර් රාවණ" ගුවන් සේවය අඩ පණ වූ පසුව අපගේ ගමන් බිමන් යෑමටද සිදුව තිබූයේ පර සුද්දා විසින්..(අරිසෙන් අහුබුදුවන්ට අනුව අප ගුවනින් යන කල සුද්දා වැද්දා වී ගස් කොලන් අත පත ගගා හුන් බව අමතකැද..?) දියත් කරනු ලැබූ ගුවන් සේවාවන්හී නැගීගෙනය... උදාර වීරෝධාර හෙළු ලේ ඇති හෙළුවන් වන අපහට එය වටීද..? කිසි සේත්ම නැත..එය අප වැන්නන් හට නොහොබී.. එසේ හෙයින් වන්දනා කාරියකට වූවද පර සුද්දාගේ හුටු හුටු යන්ත්‍රයක පිහිට පැතීම අප හට තරම් නොවේ... එසේ හෙයින් මාගේ වන්දනා චාරිකාවන්ද මෙතෙක් මා ප්‍රමාද කලෙමි..ඒ 2012 වර්ෂාවසානයෙදී අප ශ්‍රී රාවණයන් අවදි වූ පසුව එතුමාණන් විසින් නැවත "එයාර් රාවණ" සේවය ස්ථාපිත කොට අපගේ ගුවන් ගමන් පහසුව සලසන තෙක්ය.. එහෙත් දැන් එතෙක් කලක් වූවද පසු විය යුතු නොවේ... අද හෙටම මීගමුව (මිග යනු මුවන්යෑ.. මුව යනුත් හුවන්යෑ.. එසේ හෙයින් මීගමුව යනු මිග දායයි.. බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව සඳහා උතුරු කුරු දිවයින අසල බුදු වී මෙලකට වැඩි වගට තවත් සාක්ෂි උවමනාදැ..?)වෙරළින් ඔරුවක නැගී රුවල් විහිදා අභීත හෙළුවෙක් ලෙසින් මුහුදු තරණය කොටැ..උතුරු කුරු දිවයින් සමීපයෙහි ඇති බුද්ධගයාව වන්දනාවෙහි යමි...අහෝ මාගෙහි චිත්ත සන්තානයෙහි ඇතිවන නිරාමිස ප්‍රීතිය මෙසේ යැයි කිව හැක්කේ කෙලෙසින්ද... ප්‍රීතී පුරෝහි...සමා වන්න වැරදි දෙබස් කාණ්ඩයක්.. ප්‍රීතී මීවනයෙනි ප්‍රීතී..අහා...

    ----------------------------------
    "මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න."

    හෙළුවන් හට කල මහත් වූ උපකාර මත අද වන විට අහුබුදුවන් දෙවියකු වී ඇති බව අමුතුවෙන් කිව මනාවේදෑ..?

    "අහු බුද්ධ දේවතා බණ්ඩාර" යන නාමයෙන් වන දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් වාරියපොල පෙදෙසෙහි නව්‍ය දේවාලයක් තැනවීම පිණිස මේ දිනවල අප හෙළු යකුන් විසින් කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී... ඒ සඳහා ආධාර දිය හැකි ගොං යකුන්..(ගොං යකුන් යන්නෙහි අර්ථය කුමක්දැයි ඔබ දැනටමත් දන්නෙහිය..)සිටිත්නම් අප හට දන්වා සිටිනු මැනවි... යුගයේ මහත්ම වූ පුණ්‍ය කර්මයට සහභාගී වීමට නොකැමැත්තෝ කවරහුද..?

    ReplyDelete
    Replies
    1. මා හිතවත් මාරයා, අළුත් ලිපි කිහිපයක් සඳහාම වැදගත් මූලාශ්‍ර ගණනාවක් ඔබගේ කොමෙන්‍ටුවේ තිබෙනවා. අගනා තොරතුරු සමුදායකි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  10. ජයේ සහෝදරයා
    ඔහේ මේ ප්‍රකාශ කරන්නෙ වගකීමක් ඇතුවද

    ReplyDelete
    Replies
    1. ලිපියේ දක්වා ඇති අන්දමටම එය මාගේ ප්‍රකාශයක් නොවේ. එය ප්‍රකාශ කර ඇත්තේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේයි. උන්නාන්සේගෙන් තමයි ඒ ගැන අහන්න ඕනැ. මම සිදුකළේ උන්නාන්සේ දක්වපු කාරණාව ටිකක් පැහැදිළි කරපු එක විතරයිනෙ.

      Delete
  11. සෑහෙන්න හිතන්න ඕන දෙයක් තමයි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ප්‍රසන්න මහතානෙනි. නමුත් ඔය ගැන ගොඩක් හිතපු ආචාර්ය ජයරත්න පතිර ආරච්චි මහතා මීට කලකට පෙර අංගොඩ ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීමක් කළ බවත් ආරංචි විය.

      Delete
    2. අන්ගොඩ?හහ්,හහ් හා.

      Delete
    3. ඒ සිරාවටම ජයේ ඩයල් එකගෙන් (ජයරත්න පතිරආරච්චි) දන් කිසි හාවක් හූවක් නෑ නෙ
      මෑන් මොකද දැන් අංගොඩ විශ්ව විද්යාලයේ භාහිර කතිකාචාර්ය කමක් වත් කරනවලුද

      Delete
    4. ජයරත්න පතිආරච්චි ගැන ලියා ඇති දේ වලට විරෝධය පෑමට මෙය ලියමි.

      ඔහු කලකින් මා දුටු හිතට එකඟව කතා කරන මිනිසෙකි. ඔහු මානසික ආබාධයකින් පෙලෙන බවට නැගූ චෝදනාව නිසා, සිය කැමැත්තෙන් ඉදිරපත් වී තම අනන්‍යබව තහවුරු කලේය. එතැනට මග පෑද වූයේ, මහා කරුණා මෛත්‍රියෙන් උතුරා ගිය බෞද්ධයන් විසින් "අරාජික ඉංග්‍රීසි කොළණි අධිකරණය" නොමග යැවීමෙනි. පුදුම විය යුතු නැත. තම ආගමට මුල් තැන දේ නම් සිංහල ජාතිය වුව පාවා දෙන බව 1815 දී ක්‍රියාවෙන්ම සනාථ කල බුද්ධිතයට අධිපති බෞද්ධයන්ට, සිංහල උරුමය පාගා මැවූ තම උරුමය රැක දීමට ඉංග්‍රීසි ආයතන අද ද ක්‍රියාත්මක වේ. මේ ලිපියට සාධක වූ තම වර්ගයාම මර්දනය කරන්නේද ඉංග්‍රීසි ආධිපත්‍යයයට තුරුළු වීය.

      බුදුන් සමයේ රහත් වූවකු අද ද මිනිසකු නොවී සරණ බව ජයරත්න පතිආරච්චි කී විට, මට සිනා පහල විය. සිංහලයන්ට තර්ජන, ගර්ජන, මර්දන කල මෙම ආගමිකයන්ට නියත දඬුවම අත ළඟය. ඔවුන් සැම නිවනට යෑම, නැවත නැවත ඉපදී සිංහලයෙන්ගෙන් කා උන්ට බරක් වනවාට වඩා සිය දහස් වරක් අඟනේය. ජයරත්න පතිආරච්චිගේ ශුද්ධ සිංහල ව්‍යක්තබව ඔහු සැබෑ සිහලයකු බව තහවුරු කරයි. ඕනම බසක ශුද්ධ වූ කොටස එම ජාතියට හුරු අනන්‍ය හැකියාවකි.

      Delete
    5. ඇනෝ මට උබත් එක්ක සංවාද අවශ්‍ය නැත එකක් කියන්න අවශ්‍යයි
      උබ ඉපදිලා තියෙන්නෙ අහසින්වත්,ඉරෙන් හඩ්දෙන්වත්,නෙවෙයි උබෙ තාත්තාගෙ සහ මවගේ ශාරීරික කෘත්යක අතුරු පලයක් ලෙසයි උඹ උපන් වෙලේම උඹෙ අම්ම උබව සුද්දෙකුට විකුනුවේ නම් උඹෙ හම කලු වුනාට උඹ සුද්දෙක්ම තමයි උඹට සිංහල කියා බසක් නෑ, උඹ සිතන්නේද ඒ උඹව හදා ගත්තු ජාතියේ භාශාවෙනි.
      භාහිර පරිසරය අනුව උඹ හැඩ ගැහෙයි.
      (උබට තේරුම් ගැනීමට ඥානයක් තිබේ නම් මම මෙහි උඹටම ගැලපෙන්න ඇතුල් කරපු වැදගත් පනිවිඩයක් උබ තේරුම් ගනියි)

      Delete
    6. @ඉරා අදුරු පට September 18, 2012 1:14 AM,

      අනඟි ප්‍රතිචාරයකි. සංවාද කිරීම දැනුම ලැබෙන හොඳම ක්‍රමයයයි. එමගින් කියන දේ ගෙඩිය පිටින් ගිලිනවාට වඩා, පිළිගන්නවාට වඩා, පැහැදීමෙන් යමක් වටහා ගත හැක.

      "උබ ඉපදිලා තියෙන්නෙ අහසින්වත්,ඉරෙන් හඩ්දෙන්වත්,නෙවෙයි උබෙ තාත්තාගෙ සහ මවගේ ශාරීරික කෘත්යක අතුරු පලයක් ලෙසයි" - එය සැබැවි. මම පමණක් නොව ඔබද, සියලු මනුෂ්‍යයන්ද, තවත් බොහෝ ජීවින්ද බිහි වනුයේ ඒ ආකාරයටය. එහෙත් එය කෙතරම් අඟනේ දැයි ඔබ දනීද? එම ක්‍රියාවලිය බිහි වූ ආකාරයත්, ඊට පාදක වූ සාධකත්, එය කා විසින් කුමක් අරබයා කල, හෝ වූ දෙයක් දැයි ඔබ දනීද? එසේ බිහිවන අප අතර ඇති බොහෝ වෙනස්කම් වලට හේතුව කිම? එක කුසින් එක පියෙකුට සුජාත වූවන් වෙනස් ඇයි? එක කුසින් එක පියෙකුට සුජාත දුවකුත් පුතකුත් අතර වෙනස කිම? ඊට හේතුව දන්නෙහිද? (මම නැගුවේ මම දන්න දේවල්ය. තව බොහෝ ඇත.)

      "උඹ උපන් වෙලේම උඹෙ අම්ම උබව සුද්දෙකුට විකුනුවේ නම් උඹෙ හම කලු වුනාට උඹ සුද්දෙක්ම තමයි උඹට සිංහල කියා බසක් නෑ, උඹ සිතන්නේද ඒ උඹව හදා ගත්තු ජාතියේ භාශාවෙනි." - මෙය පෞද්ගලිකව මගේ මවට මුහුන පෑමට වූ කතාවක් වැනිය. ගම් වල නාගරිකයන්ගෙ මුදලට ගිජු සුනඛයන් ඇත. එවැනි අවජාතක නිවටයකු ගමේ දරුවන් කොළඹ නිවෙස් වලට යවා ඇත. මගේ වේළපත්කඩේ හැදූ කෙනාගෙ දුවක් එසේ මෙහෙකාරියක ලෙස කොළඹ විත් ස්වාමියාගෙ දරුවකු සමඟ බැඳී අද ඒ ගෙදර ස්වාමි දුව වී ඇත. මගේ මවට, දෙකට නැමී එවැනි යෝජනාවක් කල සුනඛයකුට අම්මා කියා ඇති ශුද්ධ සිංහල ලීමට නොහැක. දරුවන්ට යහපතක් වේ නම් දිවි පුදන දෙමව්පියන් බොහෝය. මුලා කර දරුවන්ට යහපත කිරීමට දරුවන් ගෙන සුද්දාට දී මුදල් ගත් කතා බොහෝය. මහණ කිරීමටද දරුවන් පුදන දෙමව්පියන් ඇත. මගේ මව, හොරෙන් මහණ වීමට දැරූ අයියා පෙර දින ගෙදරට ඇදගෙන ආවේ උගේ වල්ගයෙනි. ඔබ කියන කතාව සාවද්‍ය බව, මෑතකදී තම සැබෑ දෙමව්පියන් සොයන දරුවන් ගැන පළවූ පුවත් වලින් ඔප්පු වේ. ඔබ මිනිසුන් දෙස බලන්නෙ අංකයක් ලෙස බව සිතේ.

      "භාහිර පරිසරය අනුව උඹ හැඩ ගැහෙයි." - ඉහත කී දෙය ලෙසම මෙයද සාවද්‍යයය. ඔබ සත්‍ය නම් අප අදත් සිටිය යුත්තේ කැලේය. ඔබ කියන දෙය පොදු වන්නේ ළමයින්ට හා දුර්වලයින්ටය. ඒ උන්ගේ යැපීමටය. ඔබ සත්‍ය නම් මම මෙතන මේවා ලියන්නේ ඇයි? වැඩිහිටියන් වූ විට තම නිදහස ගෙන හැසිරෙන අය බොහෝය. මම සුවිශේෂ බව කියන්නේ මට පරිසරයෙන් හෝ දෙමව්පියන්ගෙන් උරුම නොවූ දෑ බොහෝ නිසාය. අවශ්‍ය නම් ඇවැසි තැන උඩුයටිකුරු කිරීම මගේ හැකියාවකි. ඔබ ගොඩනැගූ මතය මට අදාළ නොවන බව දැනටම ක්‍රියාවෙන් පෙන් වූවෙකි.

      ඔබ දුන් පනිවිඩය මා අවබෝධ කරගත්තා දැයි මම නොදනිමි. එහෙත් උත්තර දුන්නේ එසේ සිතමිනි. ඔබ කී දේ බොරුවක් බව මගේ දැස් ඉදිරියේ සිටින්නකු සැබැවින්ම තහවුරු කරයි. ඔහු ඉදිරියේ මම අර්බුදයකට මුහුණ දෙමි. ඒ ඔහු ඔබ කීවකු නොවුනු නිසාය.

      Delete
  12. "ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. "
    මීවන ටොම් පචයෝ යම් කිසිදෙයක් නැ කියලා එහෙම සෙල්ලිපි ගහනවද? උදා : නුවර බස් එකක බොඩ් ගහනවද මේක ගාල්ල නෙමෙයි, කොලබ නෙමෙයි කියලා. ගාල්ල ස්ටෙශන් එකේ බොඩ් ගහනවද මේක නුවර නෙමේ, කොලබ නෙමේ , මාතරත් නෙමේ කියලා ගාල්ල නොවන සියලු නගර ලිස්ට් එක. එහෙම නෙමේ කියල බොඩ් ගහලා නැති නිසා උබ ගාල්ල ස්ටෙශන් එක නුවර කියල ගන්නවද?
    තො දැන් අහන්නේ බුදුන් බුද්දත්වය ලබා ගත්තේ ඔස්ට්‍රෙලියවේ නෙමේ කියලා සෙල්ලිපි නැති නිසා බුදුන් බුද්දත්වය ලැබුවේ ඔස්ට්‍රෙලියාවෙ කියලද? ඔවට කියන්නේ ගොන් තර්ක කියලා. පලයන් පචයා යන්න....හිනා වෙලා බඩත් රිදෙනවා

    ReplyDelete
    Replies
    1. මෙය මාගේ තර්කයක් නොවේ. අප හිතවත් ජන්බුද්වීපවාදීන් විසින්ම මතු කරන තර්කයකි. ඔවුන්ගේ තර්කය මෙලෙසයි.

      "බොහෝ අය කියනවා බුදුරදුන් වැඩ සිටියේ ඉන්දියාවේය කියල. නමුත් අප කියනවා බුදුරදුන් වැඩ සිටියේ ලංකාවේය කියල. ලංකාවේ නොවෙයි කියල කියනවනම් ඒ සඳහා සෙල් ලිපි මූලාශ්‍රය පෙන්වන්න. ප:ලි: අශෝක සෙල් ලිපි ඔට්‍ටු නැත"

      එම කොමෙන්‍ටු හමුවූ විටෙක පළකරන්නම්.

      Delete
    2. ඕවා මොනවාද බං මූ කියන දේවල් වල හැටියට, ජේසුතුමා ලංකාවෙලු, හිට්ලර් හෙළුවෙක් ලු, ඔන්න බලපං මූ ලගදීම කියනවා ටජ් මහල් හැදුවේ රාවණා කියල.

      Delete
  13. අන්න හරි මම පටන්ගන්නවා ස්කුබා ඩයිවින් එක්ක බුදුන් වඳිමු කියලා චාරිකා මෙව්වා එකක්. ස්කුබා ඩයිවින් වල අසිරිය විඳින්න.. මහා මුහුදේ වෙසෙන සොබා සතුන් මාළු ළඟටම වී බලන්න සැන්දෑ අඳුර මැදින් මුහුදු පත්ලේ බුද්ධස්පාද වන්දනාව සමගින් බුද්ධෝත්පාද භුමියේ කිමිදී පුණ්‍ය සාගරයේ ගිලෙන්න ඔබටත් මෙව්වා එකක්.. ගාන xxx,xxx.xx පමණයි.

    ReplyDelete
    Replies
    1. පොඩි පරහකට තියෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේට අනුවම බෝධිය දැන් තියෙන්නේ හිරිවඩුන්නෙද කොහෙද. සමහර විට මූදෙ යට තිබිල ගේන්න ඇති. ඕවට ඉතින් උත්තර දෙන්න ඕනැ උන්නාන්සේම තමයි. මම ඉතින් සොයා බලා කාටත් පිළිගන්නපුළුවන් විදියට වාර්තා කරන එකනෙ කරන්නෙ.

      Delete
    2. මීය නමෙන්ට් දාලා නෑ. කමක් නෑ උබට හොද ඇතිනෙ

      Delete
  14. මදැයි බුද්ධගයාව වඳින්න හිතා උන්න.. ඕස්ට්‍රේලියාවට විසා ගන්න එක සුළුපටු රාජකාරියක් යෑ.. ඉන්දියාවට වගේ ඔන් ඇරයිවැල් නෑනේ එහෙට

    ReplyDelete
    Replies
    1. සෑම රාවණාපාක්ෂිකයෙක්ම ඉන්දියාවට විරුද්ධ බැවින් ඔන්න දැන් අවස්ථාව උදා වෙලා තිබෙනව.

      Delete
    2. සියලුම ලිපි ලේඛන හරියාකාරව තිබේ නම් සහ එහි සිටින හිතවතෙකුගේ තොරතුරු ලබාදේ නම් ඕස්ට්‍රේලියන් විසා එතරම් අපහසු නැත . අනික අපේ රටේම කොටසක් නම් විසා කුමටද .

      Delete
  15. ඔබා මාමා හිටියා නං!

    ReplyDelete
  16. මෙතරම් වටිනා බ්ලොග් අඩවියක් නෙත ගැටුනේ අදයි. අවංකවම ඒ ගැන කම්පා වෙමි. මේ බව අවබෝධ කරගත් බුද්ධිමත් ජනතාව සිය ජීවීතය පරදුවට තබා ඔස්ට්‍රේලියා යන්නේ මේ නිසාය.

    ReplyDelete
    Replies
    1. මේකට පොල්පිත්තෙන් තලන්න එපායැ. මෙච්චර කල් මොනා කලාද.

      Delete
  17. මේව ගැනනන් මොනා කියන්නද කියල තේරෙන්නෙ නෑ.මේවට කටවහගෙන ඉන්නත් බෑ මීය මේ ගොන් පාට් නවත්තන්නෙ නැති නිසා නිකන් වචන නාස්ති කරල තේරුමකුත් නෑ.පුලුවන්නන් ඉස්සර වගෙ ආතල් එකක් ගන්න පුලුවන් පෝස්ට් එකක් දාන්න මෙහෙම ගොන් පාට් දාන්නෙ නැතුව.

    ReplyDelete
  18. ඉන්දියාවේ ජයලලිතා බැමිණිය ඇතුලු බමුණු රැල ,වන්දනාවේ යන හෙලු යකුන්,යකිනියන් හට නොයෙක් අතවර කලෝය.හෙලුවෙන් කතා කිරීමටැ පවා නොහැකි තත්වයක් තිබූ බව සැලයි.දැන් කදිමයැ,තොපේ තමිල්නාඩුව හරහා වැන්දීමටැ යායුතු කල ඉවරයැ.වරෙව් හෙලුවනේ ගනු ෆ්ලයිට් එකක් යමු ඕස්ට්‍රේලියාවටැ,හෙලුවෙන් වනමින්ම යාහැක.

    ReplyDelete
  19. 83 පිටුවෙ කොළ පාටින් දක්වා ඇති කරුණු වලට අනුව සක්විති රජකෙනෙකු ගැන දක්වා ඇත්තේ රාවණා රජු ගැනද නැත්නම් සුද්දෝධන රජු ගැනද?

    ReplyDelete
    Replies
    1. මාගේ පෞද්ගලික මතයට අනුව රාවණා රජු හෝ සුද්ධෝධන රජු සක්විති රජවරු නොවේ..

      Delete
    2. රාවණා රජු සක්විති රජ කෙනෙකු බව වර්ගපූර්ණිකාවේ දැක්වේ

      Delete
  20. එහෙනම් මේ දවස්වල අපේ කට්ටිය ත්‍රීකුනාමලය පැත්තෙන් ට්‍රෝලර් වල නැගල වන්දනා ගමන් වෙන්නැති යන්නෙ.

    ReplyDelete
  21. මගේ කලින් කමෙන්ට් ඒක ස්පෑම් වී ඇතිද බලනු මැන ?

    ReplyDelete
  22. මීවනයනි,

    තවත් අගේ ඇති මාතෘකාවක්. විශේෂයෙන්ම අන්තර්ජාලය තුලින් මගේ ලෙඩ හඳුනාගත්, මා නොකියන දේ කීවා යි කියන, විශේෂඥ ජාල වෛද්‍ය ""@කටකහනනවට අනේ" විසින් පෙර ලිපියේ මිශනාරි චින්තනයක් ගැන අවලාද නගා තිබූ නිසා, බෞද්ධ මිෂනාරින් ලෙස ආ දෙමළුන් සිංහල ජාතියට සියදිවි නසා ගැනීමට මං පෙත් කැපූ හැටි මෙතන ලියමි. එසේම මෙවැනි සිංහල-නාශක බෞද්ධයන් ගසන මඩ ද නැවත දෙමි.

    මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට දෙවියන් ගේ බිහි කිරීමක් ගැන කීවේ සිංහලයන්ය. ඒ හිරු නම් දෙවියෝ සිංහල ජාතිය බිහි කල බවයි. ජීවිත රැකීමට අවශ්‍ය දැනුම දී ගුරු, බුධ, කුජ, සිකුරු වැනි නම් ඇති අවතාර මවා ජීවිත රැකීමටත් පැවැත්ම තහවුරු කිරීමටත් කටයුතු කලේ හිරුය.

    ඉතා මෑතකදි සත්ව කොටුවක උපන් නරුමයෙක් දෙවියන් ගැන කී තොරතුරු පටලවා දෙවියන්ගේ පුතා යයි කියාගෙන, මිනිසුන් තබා තිරිසනුන් වත් නොකරන ම්ලේච්ඡ තිරිසන් දේ කරන තැනට දුබල මිනිසුන් මුලා කලේය. ඊට පෙර එවැනිම සොහොන් පලක උපන් නරුමයකු ජීවිතය ගැන කී දැනුම විකෘති කර නිවන නමැති මිරිඟුවක් පසු පස යවා මුලාවෙන් මිනිසුන් වඳ කිරීමට උත්සාහ කලේය.

    මේ පසුබිම මත බුධලා දෙසූ සැබෑ දැනුමත්, සිදට් නම් හොර බුධගේ ඒ දැනුම විකෘති කිරීමත් ගැන ඇත්ත කිව යුතු යයි සිතමි. දැනුමැති සිංහලයන්ට නැවත උපත වන අයුරු තෝරා ගත හැක. එවැනි උපතක් ලැබුවෙකු ලෙස, එවැනි දැනුම ඇතියකු උපදින්නේ තම කාර්යය කිරීමට සුදුසු පරිසරයක යයි කියමි. එනයින් සිංහලේ තෝරා ගැනීම බුධලාගේ තේරීමද වේ. ඒ අතින් බෞද්ධ මිෂනාරියකු ලෙස සිංහලයන් නොමග හැර මූලාවෙන් නසන ද්‍රෝහියකුගේ මුවින් මෙවැනි වදන් ඒ නම්, එය සිංහලයන්ගේ බලය තහවුරු කිරීමකි.

    මේ තොරතුරුද ඉතා වැදගත් නිසා ලියමි. නිර්වාණය (නිවන) සිදට් ඉපදීමට වසර දහස් ගණනකට පෙර හින්දූන් දැරූ විශ්වාසයකි. එයින් ජීවිතය නිවිය හැකි යයි කියවේ. ගින්න නිවිය හැකි යයි අපි දනිමු. එසේ නම් ජීවිතය නිවන කතාව බිහි වූයේ කෙසේද? ඇත්තටම එය කනාට කිරේ පාට කීමට ගොස් වූ අකරතැබ්බයට සමය. ජීවිතයේ වටිනාකම දුටුවේ අන්තර්ජාල යුගයේ නොව දර වලින් ගිනි ගොඩවල් ගසා වටේ හිඳ දිවි ගෙවූ ප්‍රාථමික යුගයේය. ගිනි දළු කීවේද එය ගස් වැල් වල දළු ලෙස උසට නෙරා යන නිසාය. ඒ යුගයේ ගිනි ගොඩකින් තවත් ගිනි ගොඩවල් ගැසු බව නියතය. ජීවිතයකින් තවත් ජීවිත බිහි වීමත් මෙයට සම කර උපමාවෙන් කී දෑ බුද්ධි අන්ධයන් තේරුම් ගත්තේ ජීවිතයද ගින්න වගේ කියාය. ඊට පසුව ජීවිතය නිවිය හැකි දෙයක් බවට හැරවුනේ උපමාව අනා ගත් (තේරුම් නොගත්) හින්ඳූන්ය.

    සිදට් ගේ පණ නැසීමේ ධර්මයත් සිංහල බුධලා හිරුගෙන් දැන කී පණ රැකගෙන පැවැත්මේ ධර්මයේ වෙනසත් මේ උදාහරණයෙන් කියමි. සිදට් වාදීන් පන් සිල් යයි ලබ්බක් නිති පතා ගිරව් ලෙස කියවති. සැබෑ තේරුම දත් එකෙකුද නැත.

    පළමු සිල් පදයෙන් පර පණ නැසීමෙන් වැලකිය යුතු යයි කියවේ. හේතුව ලෙස පර පණට දැනෙන වේදනාව උපුටා දක්වති. එහෙත් පර පණ නැසීම වේදනාව නොදී කල නොහැකි දෙයක් බව ඕන ගොනකු දනී. අනෙක වේදනාව දැනෙන්නෙ මරණ එකාට නොව මැරුම් කන එකාටය. මෙතන ඇති ප්‍රබල රහස එය නොවේ. මුන් කියන්නේ "පරයන්ගේ" පණ නැසීම වැරදි කියාය. එසේ නම් තමන්ට කෙලින්ම වේදනාව පාඩුව නැති වීම දැනෙන තම පණ නැසීම හොඳද? මුන් මිනිස් ඝාතකයන් යයි මම කියමි.

    සිංහල බුධලා කීවේ කුමක්ද? උන් කීවේ පණ නැසීමෙන් වැලකෙන ලෙසය. ඒ කියන්නේ තමන්ගේත් අනුන්ගෙත් පණ නොනසන ලෙසය. එනම් අපට ලැබෙන පණද සුරක්ෂිතව රැකගෙන ඊ ළඟ පරපුරට එය දිය යුතුය කියාය. එසේම අනෙක් සැම ජීවියෙකුමත් පණ සුරක්ෂිතව රැකගෙන ඊ ළඟ පරපුරට එය දිය යුතුය කියාය. මේ බණ කොතරම් සිංහලකම තුල අදත් රැකී තිබේ දැයි සිංහලයන් කියන කරන දෑ වලින් මනාව තහවුරු වේ. පරයන් ගෙනා කුණු කසල වීසි කර, අති උතුම් සිංහල බුධලාට හිරු දුන් දැනුම වැළඳ ගමු. යමෙක් අසයි නම් ඉතිරි සිල්පද වල අරුත කියමි. එයට නැති පදද කියමි.

    ReplyDelete
    Replies
    1. @Ano > Please go on with all the Dasasil!

      Delete
    2. හිතවත් ඇනෝ. ඔබතුමාගේ මෙවැනි කොමෙන්‍ටු වලින් බුදු දහම විවේචනය වී ඇති බව මා හට හැඟී යයි. විකල්ප මත වලට ඉඩ තිබුණත් කිසිදු ආගමක්/දහමක් හෝ විවේචනය නොකර සිටීම වර්ගපූර්ණිකාවේ අරමුණකි.

      අනික් අතට මෙම ලිපියේ දක්වා ඇත්තේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ කතාව පැහැදිළි කිරීමක් විනා බුදු දහම විවේචනය කිරීමක් නොවන බවත් කිව යුතුයි. සිරිධම්මාලංකාර උන්නාන්සේ හෙළුවෙන් වනද්දී අපත් එම හෙළුව (එළුව) පෙන්වියයුතුනේ.

      එනිසා ඉදිරියේදී බුදු දහම (හෝ වෙනත් ආගම්) මෙහි විවේචනය නොකර හුදී පාථකයින්ගේ නුවණ වර්ධනය කිරීම සඳහා ඔබතුමාගේ අවශේෂ වැදගත් අදහස් පමණක් තිළිණ කරන මෙන් ඉල්ලා සිටිමි. එසේම ඔබතුමාගේ කොමෙන්‍ටුව සම්බන්ධයෙනුත් බොහෝ දෙනා විරෝධය පළකළහොත් ඉවත් කිරීමට සිදුවෙන බවත් දැනුම් දෙමි.

      Delete
    3. . මුන් කියන්නේ "පරයන්ගේ" පණ නැසීම වැරදි කියාය - හරි මචං කියපන් දැන් උබෙයි කුරානෙයි අතර වෙනස, ඒකයි මම උබට හම්බයා කිව්වේ

      Delete
    4. හිතවත් මීවන,

      ඔබට කැමති දෙයක් කරන ලෙස කියමින් මගේ නිදහසට කාරණා කියමි. ඇත්ත නැත්තෙන් වෙන් කර, එක ජීවිතයක් හෝ බේරාගත හැකිනම් එහි වටිනාකම අති මහත්ය. මම විවේචනයකට වඩා, ලිපියේ උපුටා දක්වන සත්‍යයයට එරෙහි වූ බහුතරය බොරුව රැකීමට වෙර දරන විට, ඇත්ත කීමට උත්සාහ කලෙමි. ඔබ ගන්න පැත්ත කුමක්ද? ජීවිතයේ සියළු රහස් සොයා ගත් මට, ජීවිතයක් යනු කල්පාන්තරයක් අනේක දුක් ගැහැට මැද පණ රැකියන්ගේ උරුමයේ ජීවමාන පුරුකය. මෙය ජීවිතයක වටිනාකම කියයි.

      ඇත්තටම මම බෞද්ධයන්, හින්දූන්, ක්‍රිස්තියානින්, මුස්ලිමුන්, කොමියුනිස්ට් කාරයන්, විජ්ජාකාරයන් (Science) වැනි අනුන්ගේ බුද්ධියට ආවඩන්නන් මිනිසුන් ලෙස නොසිතමි. එවැන්නන් මළ ද වතුර බිඳක් නොදෙන මම, උන් ගැන කතා කිරීමට උත්සාහ නොකරමි. එහෙත් රාවනයන් සේම, සිංහලයන් නැසේ නම් ඒ වෙනුවෙන් මම නොකරන දෙයක් නැත. වචනයෙන් කියන එක නවතයි නම්, ක්‍රියාවෙන් එම දේම කියන විට, බෞද්ධයන් වැටෙන තත්ත්වය කුමක් දැයි ළඟදී ඔවුන් දැන ගනු ඇත. පෙර කල බෞද්ධයකු ලෙස මට වූ පාඩුව ඉමහත්ය.

      මේ ප්‍රතිචාරයට පාදක වූ ප්‍රතිචාරයක් ඔබේ අඩවියේ කලින් ලිපියේ දමා තිබුනා. එහි මම ක්‍රිස්තියානි මිෂනාරියකු යයි කියූ නිසා, මා සැබැවින් සිතන දේ කීමට සිදු වුනා. මිනිස් දිවි නැසීම මොන ආකාරයෙන් කලත් වරදක් නොවන බව කියන නීතියක් ඇති රටක් තිබේද? එසේ නම් මම වචන යෙදුවේ අරුත් ඇතිවය. දැන් @Senarathna Dumindu කී "මුන් කියන්නේ "පරයන්ගේ" පණ නැසීම වැරදි කියාය - හරි මචං කියපන් දැන් උබෙයි කුරානෙයි අතර වෙනස, ඒකයි මම උබට හම්බයා කිව්වේ" දෙය ඔබ අනුමත කර අලවා ඇත. උත්තර දුන්නොත් එයද ඔබ කී නීතියට අයිතිය. නොකිව්වොත් මම හම්බ. මා කුමක් කල යුතුද?

      Kelum Jayasinghe September 16, 2012 12:39 AM - @Ano > Please go on with all the Dasasil! - මේකට උත්තර දුන්නොත් ඔබේ අඩවිය වසන ලෙසට තර්ජන එල්ල වනු ඇත. අද කොතරම් ඇත්ත අරහං ද? මට මඩ ගසන්නන් වැලකේ නම්, මම මෙතරම් ආගමිකයන්ට පහර නොගසමි. මගේ මතයට අනුව උන් මිනිස්කම ඉදිරියේ මලවුන් ය.

      ආගම අපේ ඉරණම (මරණය) තීරණය කරන නිසා, එය ගැන කතා කිරීම ඔබේ කතාවට රුකුලක් වීම සුදුසුය. සැබැවින්ම මේ ලිපිය පල කල විට, එය ඔබේ ලිපියක් ලෙස නීතිය ඉදිරියේ සැලකේ. ඔබද, පිළිගත් හෝ කුමන උපක්‍රමයකින් පිළිගත යුතු යයි කියන පොදු ආගමික මතය බරපතල ලෙස හෑල්ලු කර ඇත. මෙහෙම ගියොත් අපට කට අවශ්‍ය වන්නේ කෑමට පමණි. ඔබට බලපෑම් ඒ නම් මකන්න. එසේ බලපෑම් කරන අයට මේ පනිවිඩයත් දෙන්න. මම සැබෑ තොරතුරු සියල්ල දෙන දින, ඔය ආගමිකයන්ට යන කල ගැන මම දුක් වන බව කියන්න. මූලාවූවන් ගැලවීම සත් ක්‍රියාවකි. මූලා කරන එවුන් මිහි පිටින් තුරන් කරන බවත් කියන්න.

      මා කියන දේ බොරු කරන ලෙස ආගමිකයන්ට අභියෝග කරමි. මම කවුදැයි කියාත් දැනුම කාගෙද කියාත් කියා මම කලින් ඉඟියෙන් කීමි. ඊට සාක්ෂි ලෙස වසර දසදහස් ගණනක් පැවැති, එකී ලෙස සැබෑ වූ තොරතුරු සිංහලයන්ට හිමිය.

      මම මීට වඩා දහසකුත් එකක් තොරතුරු සමඟ මගේ අඩවියක දැමුවොත් බෞද්ධයන්ට යන කල ගැන සිතා බෞද්ධයන් මට නින්දා නොකරයි නම් උන්ට ගුණය. මම නොකියන්නේ නොදත් නිසා නොව මට ඉන් ඵලක් නැති නිසාය.

      Delete
  23. විභීෂණ සද ගමන් ගිය බව බොරුයි කී පරයින්ට........ විභීෂණ විසින් චන්ද්‍රයා මතුපිට ගොඩ නැගූ
    අප ශේෂ්ට්‍ර රාවණා පුත්‍රයෙකු වන හිට්ලර් උතුමාණන් විසින් රෙපෙයාර් කල ඒ මහා හෙල ආර්ය අධිරාජ්ය, පර සුද්දන් විසින් රූප ගතකර ඇති අයුරු, බලනු ආර්ය ස්වස්තිකය එහි දිලෙන අන්දම

    ටොරන්ට් වලින් බාගෙන බලනු
    සැක නම් මෙතැන බලනු http://www.imdb.com/title/tt1034314/

    ReplyDelete
    Replies
    1. ඔව් films වල දාන එවා සමහර අයට fairy tale උනාට ඒවා ගොඩක් ඇත්ත, සමහර films වලින ඉස්සරහට වෙන දේවල් කියනවා..

      - 9/11 වෙන්න කලින් වලින් එම ප්‍රහාරයක් වෙනවා කියලා films predict කරලා තියනවා http://www.youtube.com/watch?v=ldPM98Y3WNY

      Delete
    2. ow ow ehema pettakuth thiyanawa neda? ela ela..Iron Sky balanna one

      Delete
    3. මෙක මහා ජරා කොමඩියක් නේ "Iron sky"

      Delete
    4. වගකීමෙන් යුතුව ලිපි පලකරන්න..

      hitler ට බනින කට්ටියට http://www.disclose.tv/action/viewvideo/61453/Ancient_Aliens___Third_Reich_Season_2_Episode_5/

      and

      @Ano හෑමෝම විවේචනය කර කර ඉන්නෙ ඔයාගෙ අදහස් සරලව දක්වනවද?

      Delete
    5. අපරාදේ දැන් Ancinet Aliens පෙන්නන්නේ නෑ නේ, එක නම් පට්ට Series එකක්

      Delete
    6. @Yasas Kusal,

      "@Ano හෑමෝම විවේචනය කර කර ඉන්නෙ ඔයාගෙ අදහස් සරලව දක්වනවද?" -

      ඔයා කියවල තියෙන්නේ විවේචන කරපු කෑලි විතරයි වගේ. මම ලියන හැම හෑල්ලක ම ඉලක්කයක් තියෙනවා. ඒ මගේ අදහස් හා අනෙක් අදහස් සම කිරීමට අවස්ථාවක් දීම. මා තෝරා ගන්න භාෂාව විශ්ව නීතියට අනුකූලයි. උදා: යමෙක් තව කෙනෙකුට විනාශය ගෙන දේ නම්, එවැනි ඔබ දෙවියන් ලෙස හඳුන්වන්නෙකු වුවද, ඝාතකයකු යයි කියමි. ඊට හේතුව මම දන්න දේ අනුව, කිසිම රටක්, ජාතියක්, ජන කොටසක්, ඝාතනය නීත්‍යානුකූල කර නැති නිසයි. විවේචන විතරක් නොව ඉතිරියටත් අවධානය යොමු කර කියවන්න.

      Delete
    7. හෙල දරුවනි බලනු මෙහි "Iron sky" පර සුද්දාගේ රැප්ටර් යාත්‍රා මැස්සන් මෙන් හෙල පියාබන පීරිසි ප්‍රහාර හමුවේ බිම වැටෙන අන්දම
      තවද ග්‍රහ ලෝක පිටින් අතුගා දැමිය හැකි ප්‍රභල අවි ඇති හෙල ගගන යාත්‍රා(විශාලතම යාත්‍රාවේ සුප්‍රසිද්ද වෝටෙක්ස් එන්ජිම පැහැදිව දැකිය හැක )
      ග්‍රාහක වලින් පහර දෙන ක්‍රම( අග්නි සැර යනු මේවා බව මාගේ මතයයි )
      මෙහි දැකිය හැක

      Delete
    8. මේ video එකේ 02:32 බලන්න හදේ පිටසක්වල බේස් එකක් , ස්වස්තික හැඩයකට තියෙන්නේ .මේක පොටෝශොප් කියලානම් කියන්න බෑ


      http://www.youtube.com/watch?v=uf4xv0IW4Ig&feature=related

      Delete
  24. ශ්‍රී රවණ සිද්ධම් !

    ReplyDelete
  25. මම මේ කල්පනා කරන්නෙ කවුද සුද්දා කියලා.............. :පි

    ReplyDelete
  26. මීවන පලානයනි!
    ඔබට පිං. මේ ලිපිය නිසා මා සිතේ වූ මහත් ගැටලු රාශියක් විසඳුනි. හෙලු දීපයේ වෙසෙන අපගේ හෙලුවන් මේ කාලයේ දිවි පරදුවට තබා ඕස්ට්‍රේලියා යන්නේ මන්දැයි දැන් මා දනිමි.

    මෙහිදී ඔබ අතින් වූ වරදක්ද නිව‍රැදි කල යුතුය. එනම් මුහුද යට බෝ ගස් වැවෙන්නේ නැත යන්නයි. එය සැබෑවකි. නමුත් මුහුද යට බෝ ගස් වැවීමට අවැසි නැත. ඔබ ඔය කියන පෙදෙස මීට වසර 2500 කට කලින් ගොඩ බිමක්ව තිබුනේය. එකල විසූ නීල මහ යෝදයා නම් වූ හෙල විරුවා විසින් එම දිවයින ගලවා උර මත තබා ගෙන වුත් හෙලුදීපයේ හිරිවඩුන්න නම් වූ තැන තැබුවේය. මීවනපලානේ හිමියන් පවසන්නේ එයයි.අද එහි ඇත්තේ මහා වලකි. එය සැදුවේ හෙලු අපගේ යෝදයෙක් වීම ආඩම්බරයට කරුනක් නොවේද?

    ReplyDelete
    Replies
    1. වටිනා හෙළිදරව්වක්. මෙවන් ආඩම්බරයක් සහිතව මිය යාමට වුවත් දැන් පුළුවන්. සිරි ධම්මාලංකාර උන්නාන්සේට එම විස්තර පෙන්වා දීමට උත්සාහ ගන්නම්. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  27. මෙන්න තව පොතක්.මේකෙ හැටියට දකුනු ඇමරිකාවෙත් හෙලුවො තමයි හිටියෙ
    http://helayuhgaya.netau.net/index1.htm

    ReplyDelete
    Replies
    1. කරුණාකර එය සඳහන්ව ඇත්තේ කීවැනි පි‍ටුවේදැයි කියන්න පුළුවන්ද? මීට කලකට පෙරදී කිහිප වරක්ම එය කියවා ඇතත් ඔය කාරණාව තිබූ තැන මතක නැහැ.

      Delete
    2. http://helayuhgaya.netau.net/pages/page%20038_jpg.htm
      ඔන්න පිටුවත් එක්කම

      Delete
    3. ලපයා හපණෙකි. ගුණසේකරයන් දකින සාධක වලට වඩා, කියන දෑ තහවුරු කිරීමට ඇති සාධක බොහෝය. මිනිසුන් එක් තැනක සිට ලොව පුරා විහිදී ගිය සතෙක් බව පෙන්විය හැක. කිසිදු සතෙකු දෙතැනක නූපන් බව ජීවලෝකය සාක්ෂි දරයි. මිනිසුන්ගෙ ජන කොටස් අතර වෙනස ස්වාභාවික නොවේ. නිවැරදිව කිව හොත් යමෙකු (එකම පුද්ගලයකු) තම සිතැඟි අනුව, ..., ගෙන ගොස් මුදා හැරියා වැනිය. ඒ බවට ද සාධක එමටය. මෙම විවිධ ජන කොටස් වල ඒකීය බව සනාථ කරන සාධක ගත් කල, එය කල අයගේ මනස වැඩ කරන ආකාරය මට ඉතා සමීපව තේරුනි.

      සිංහල, ඉංග්‍රීසි, දෙමළ හා හින්දු ජන කොටස් වෙන් වූ කාරය පැහැදිළි කලේ නම්, මුළු ඉතිහාසයම ඇස් ඉදිරියේ දිස්වනු ඇත. එයට කල් ඇත.

      Delete
    4. ලපයා තුමෝ, ලින්කුවට බෙහෙවින් ස්තුතියි. එසේම වැදගත් අදහසක් ඇනෝ.

      Delete
  28. http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ

    ReplyDelete
  29. වර්ගපූර්නිකාව යනු මෙතෙක් කල් මා ආසාවෙන් කියවූ අඩවියකි. මෙහි අන්තර්ගතය කුමක් වුවත් කොමෙන්ට් කලත්ත් නැතත් සෑම ලිපියක්ම මුල සිට අගට කියවීම මාගේ පුරුද්දකි. නමුත් මෙවැනි ආගම සම්බන්ද දෑ පල කිරීම එතරම් සුදුසු නැත. මක් නිසාද යත් එක අතකින් එය පවක්, අනෙක් අතින් එය අපරාදයක්. බුදු දහම විකෘති කිරීම කෙසේවත් අනුමත කල නොහැකි දෙයක්. මේගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete
    Replies
    1. මම සිතන්නේ ඔබතුමා හෙළු ක්‍රමයට ලිපිය කියවා නොමැති බවයි. මා කර ඇත්තේ මීවනපලානේ උන්නාන්සේ පොතක ලියා ප්‍රසිද්ධියේ බෙදා හැරපු දේ ගැන පැහැදිළිකිරීමක් කිරීම පමණි. මීවනපලානේ උන්නාන්සේට හෙළුවෙන් වනන්න හොඳ වෙද්දී අපට එම හෙළුව පෙන්වීමට නොහැකිද?

      Delete
    2. oba kiyana kathawata man Ekagai Pua Sidu Karaganna epa

      Delete
    3. @කෝරලේ මහත්තයා September 17, 2012 10:39 AM,

      ජන්මයට වඩා පුරුද්ද ලොකු යයි කියමනක් ඇත. අප දන්න දේ හෙවත් අප උපතට පසු බදාගත් නිවැරදි යයි සිතන දේ අපේ පැවැත්මේ පදනමයි. මම ද එම පදනමේ සිට, බොහෝ කලක් ජීවත් වුනෙමි. කලෙක මා බෞද්ධයකු ලෙස කල දෑ බුදුන් යයි ඔබ පිළිගන්න ඉන්දියානුවා කර නැතැ යි භාවිතයේ ඇති කතාවලට අනුව තහවුරු වේ. එම තැනැත්තා එකල තමන් බුදුන් යයි ලොවට කී හය දෙනාගෙන් එකකු බව මා LCN වල කියූ දෙයකට පිළිතුරු ලෙස බෞද්ධයකු පිළිගත් දෙයකි. මෙයම ප්‍රහෙළිකාවක් නොවේද?

      මිනිසකු ලෙස ඉපිද මිනිසත් බව පිළිකෙව් කිරීම, ලෝක සත්‍යයයට පිටු පා කරන භයානක දෙයක් බව මම දකිමි. එම සිතිවිලි, මිනිස්කම නසා මනස තිරිසනකු කරන බව මා දත් තොරතුරු සහතික කරනවා. ඔබට එය පහත ඇති "ලපයා September 16, 2012 10:19 PM" ගේ පුරුකෙන් සක් සුදක් සේ දැකිය හැක. එවැනි කෲර තිරිසන් ගති බෞද්ධයන් පෙන්වනවා නම්, ඔබ කියන දෑ දෙස නැවත බැලිය යුතුය.

      ඔබට අනුව "බුදු දහම විකෘති කිරීම කෙසේවත් අනුමත කල නොහැකි දෙයක්." ය. එය සැබැවි. එය කවුරු කලත් වැරදිය. මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. ඔබ කියන බුදු දහම විකෘති දෙයක් නොවේද? යමෙක් යමක් මගේ යයි කී පමණින් එය ඔහුගේ නම්, ඔබට හිමි ගෙයද වෙන කෙනෙක් අයිතිය කී විට දිය යුතුය.

      ඉතිරියෙන් කොටසක් මගේ ප්‍රතිචාර තුල ඇත. තව දත් දෑ බොහෝය. ප්‍රථමයෙන් කල යුත්තේ, තියෙන දේ විකෘති නොකරන්න යයි කියනවාට වඩා, තියෙන්නේ මීට කලින් විකෘති කරපු දේ දැයි විමසීම නේද? ඒ ඔබේ උපතට පෙර එය විකෟති කල උන් සිටිය හැකි නිසාය.

      ඉහත කී පුරුකේ ඇති තොරතුරු අනුව මේ භික්ෂුව ජීවිතය කුමක් දැයි දත්, ඉහල ශ්‍රේණියක රැකියාව කල ආචාරියෙකි (PhD). ඔහු කියන දෑ සත්‍යයය නොවන්නේද රාවණ ගවේශකයන් ලෙසම, ඔහුද තොරතුරු දකින්නේ තමන් විසින් අටවා ගත් තලයක සිටි නිසා බව දුටිමි. පුද්ගලික තලයක සිට දකින්නේ සාපේක්ෂව බව අමතක නොකල යුතුය.

      Delete
    4. බුදුදහම විකෘති කොට ඇත්තේද? නොමනා ආකාරයට එය භාවිත කරන ලද පුද්ගලයන්ය. දැලි පිහියක් අතට දුන් පලියට කපාගෙන යාම වඳුරන්ගේ සිරිතකි. ඕනෙම කෙනෙකුට කැමති ආගමක් ඇදහීමට නිදහසක් තියෙන රටක් ලංකාව. නමුත් අපේ ආගමට අපහස කරනකන් බකන් නිලන් ඉන්න නිකම්මු මේ ලංකාවේ බෞද්ධයන් අතර නැහැ අල්පයක් හිටියත් බහුතරයක් එහෙම නැහැ

      Delete
  30. මාද මේ දිනවල බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාව බලා වන්දනා චාරිකාවක යාමට පුල පුලා බලා හිඳිමි!!
    ශ්‍රී මීවන සිද්ධම්!!

    ReplyDelete
  31. https://docs.google.com/viewer?url=http://pothpath.com/home/pdf/ARTI_12-03-001.pdf&chrome=true මේකත් පොඩ්ඩක් බැලුවනම්............

    ReplyDelete
  32. ලගදිම 3වන ලෝක යුද්ධය පටන් ගනි වගේ, දෙසැම්බර් වලට කලින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් ඕක පටන් අරං තියෙන්නෙ. තවම බර අවි එළියට ආවෙ නෑ. ගහගන්න කලින් බැන ගන්න ඕන නේද?

      ඔයා කියන්නේ ලොකු අය එළිපිට කෙලගන්න එකද? හිතට ආව දවසක් කියන්න. එදාට ඒක පටන් ගත්තොත් මට බනින්න එපා.

      Delete
    2. මම කියන්නේ ඉරානයයි ISRAEL ගැනයි

      Delete
  33. මම මේ පොත කියවලා තියෙනවා...ඒ අනුව ඉන්දියාවේ පිහිටි බොහෝ සිද්ධස්ථාන පිහිටා ඇත්තේ ලංකාව තුලයි..හැබැයි මීවනපලාන හිමියන්ගේ මෙම කෘති දෙක තුල සිතන්නට යමක් සමහර තැන්වල තියෙනවා....ඉන්දියාව විශාල රටක්...දැන් අපි වන්දනාවේ යනවිට ඉන්දියාවේ බුදන් වහන්සේ වැඩවාසය කලා යැයි සලකන සිද්ධස්ථාන දෙකක් අතර දුම්රියෙන් යෑමටත් පැය ගානක් ගත වෙනවා....ඉතින් එවන් විහාල දුරක පිහිටි ස්ථාන දෙකක් අතර බුදුන් වහන්සේ කාලයෙ ්පයින් වැඩියා යැයි සිතන්නට බැහැ...

    එක්කෝ ඉන්දියාවේ සිද්ධස්ථාන තියෙන තැන්ටික වැරදියි....නැත්නම් ඇත්තටම ලංකාවේ බුදුන් සිටියා වෙන්නත් පුලුවන්.... කොහොමත් ඉන්දීය ඉතිහාස කතාවල බුදුන්වහන්සේ ගැන තියෙන්නෙ අඩුවෙන් කියලා තමයි මම අහලා තියෙන්නෙ.... මීවනපලාන හිමියෝ කියන විදියට අපි දඹදිව යන්න ඕනි නෑ...අපි යන්න ඕනි ලංකාවෙම තැන් කීපයකට විතරයි....

    ඒ වගේම වංශකතා ආශ්‍රයෙන් නිර්මිත ලාංකිය ඉතිහාසයත් ඉංදීය මූලාශ්‍ර වලින් නිර්මිත ඉංදිය ඉතිහාසයත් අතර කාල වෙනසක් තිබෙනවා....බුදුන් පිරිනිවන් පෑ දිනයේ විජය කුමරු ලංකාවට ආවේ නම් වසර ගානක හිස් කාල පරිච්චේදයක් එනවාලු....

    ReplyDelete
    Replies
    1. "බුදුන් පිරිනිවන් පෑ දිනයේ විජය කුමරු ලංකාවට ආවේ නම් වසර ගානක හිස් කාල පරිච්චේදයක් එනවාලු...." - මෙය සිංහලයන් නොමඟ යවා නැති වැදගත්කමක් ආරූඪ කර ආ+කමට හැරවීමට ගෙතුවකි. මෙය මහාවංශය හැදෑරු Wilhelm Ludwig Geiger ද අණාවරනය කර ඇත. එවැනි දෑ බොහෝ බව කියමි.

      Delete
  34. මෙ මොකක්ද බන් මේ මම දන්නෙයි ලියන්නෙයි ටෙක්නොලජි ගැන විතරයි.. මේක ඇත්තක්ද බන් .. මරුනේ

    ReplyDelete
  35. මේ බව මෙ වෙනකොටත් ඉතා වේගයෙන් ප්‍රචලිත් වන බැවින් තම දිවි පරදුවට තබා හෙළයින් මෙන්ම ඉතිරිව ඇති සාක්ෂි විනාශ කිරීමේ අදහසින් හින්දු භක්තිකයින්ද ඕස්ට්‍රේලියාව බලා නැව් ගත වෙති.

    ReplyDelete
  36. බුදුරදුන් ඉපදුනේ හෙලෙබිමේ වියහැකියි.මේ කියන බෙර්මුදව තියෙන්නේ හරියටම ලංකාවේ අනිත් පැත්තේ විය නොහැක්කේ ,ඔය කියන ලෝකය ගෝලාකාර නම්ද?නමුත් ලෝකය හරියටම ගෝලයක් නොවේ නේද?
    ඒ නිසා මැද ලක්ෂ කිපය ක් පවතී..! නිවැරදි දේ ක්කුමක්ද?

    ReplyDelete
  37. ....ඔබ මේ වන විට දන්නවා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් වගේම නුතන විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙන දේවභාෂිත සත්‍ය. යේසුස් සමිදාණන්ගේ සැබෑ නිජභූමිය, එතුමා මෙලොව එළිය දුටු දේශය මේ ශ්‍රී ලංකා භූමිය කියලා. ජල සෙයිලම නැත්නම් ජෙරුසලම් ප්‍රදේශයෙන් හමුවෙච්ච අවුරුදු දෙදහසක් පැරණි පැපිරස් පත්‍රිකා, ඒ ඓතිහාසික සත්‍ය අපට පසක් කර දුන්නා......>>>>

    Read @ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=RANG&ArtID=3431

    ReplyDelete
  38. සීයෙ, හෙලුවෙන් වනපු කාලෙ ඉවරයි. විශේෂයෙන්ම අර දඩුමොනරෙ කියල ලේලන්ඩ් බස් එකක් පොටෝෂොප් කරලා එහෙම දාපු දවස් වල ඉදලා, පොඩි ෆන් එකක් ගන්ඩ හරි මේක කියවන්ඩ ආපු උං දැං මේකට එන් නෑ.මොකද මේකේ දාන බොරැ ඒ තරමට අසික්කිතයි. ෂුවර් එකට මේ කොමෙන්ට් එකත් හිරිකිත විදියට සෙන්සර් කරයි අපේ හෙලුවෙන් සේරම කරන සීයා.

    ReplyDelete

නුදුරු අදහස්